Posts

උපදේශනය ❤️👉

Image
  මනෝ විද්‍යා උපදේශනයට යොමු වීමට පෙර පෙන්නුම් කරන මූලීක ලක්ෂණ 👉👉 ⁃ විස්තර කිරීමට අපහසු තනිකමක් නිතර ඇතිවීම  ⁃ අධික ලෙස නිදාගැනීම හෝ හරියට නින්ද නොයාම  ⁃ කෑම අධිකව ගැනීම හෝ කෑම නිසිලෙස නොගැනීම   ⁃ ඉස්සර ආසාවෙන් කරපු දේවල් වලට දැන් පෙළබීමක් ඇති නොවීම  ⁃ එදිනෙදා ඔයාට කරන්න තියන දේවල් කරදරකාරි ලෙස දැනීම   ⁃ අනවශ්‍ය බියක්, අනාරක්ෂිත බවක් කල්පනා වීම  ⁃ ඔයා හොඳින් ඉන්නේ කියලා අනිත් අයට පෙන්වන්න උත්සහ ගැනීම  ⁃ කිසිම අරමුණක් නොමැති බවක් දැනීම  ⁃ මතකය සම්බන්ධව විවිධ ගැටලු. (ඉක්මනින් දේවල් අමතක වීම)  ⁃ යම් දෙයකට අවධානය යොමු කරගැනීමට අපහසු වීම  ⁃ ජීවිතය කිසිම තේරුමක් නැහැ කියලා නිතර සිතීම  ⁃ ඔයාට විවිධ හානි කරගැනීම් කිරීම හෝ කරගන්න සිතීම  ⁃ වෙනදාට වඩා ගොඩක් තරහා යාම  ⁃ දවසේ වැඩි වෙලාවක් ඇඳට වෙලා හෝ කාමරයටම වෙලා සිටීම  ⁃ අනිත් අයව නුරුස්නා බවක් නිතර ඇතිවීම  ⁃ කළකිරුණු ස්වාභාවයක් දැනීම  ⁃ මොනවත් නොකර ඉදලත් ඇඟට යම් මහන්සියක්, තෙහෙට්ටුවක් දැනීම ඒ වගේ විවිධ ලක්ෂණ තියනවා නම් ඔයා මනෝ උපදේශන සේවාවක් වෙත යොමුවීම...

වෙන් වී යන්නට පෙර 🌼🌼🌼

Image
  වෙන් වී යන්නට පෙර 🌼🌼🌼 මා මිය ගිය දිනක එන්න  මා බලන්න ඇවිත් යන්න  කිසි දිනෙක නොහෙලු කඳුළු එක බිඳුවක් හෙළලා යන්න දෑස තදින් පිය වුණාට  දෙකොපුල් සීතල වුණාට  පෙර නැවතුණු දේ සිහිකර නළලේ හාදුවක් තබන්න.... නෙත් දහසක් බලා හිදී මගේ යහගුණ ගැනම දොඩයි මුවඟට කර කිසිත් නොකියා පස් අහුරක් දාල යන්න  සොහොනින් නුඹ පිටවන විට මහා තනිකමක් මෙමට දැනෙයි මිණී මලක් ළඟින් තබා ආපසු නොබලාම යන්න....

පැරදුනාට කමක් නෑ...

Image
පැරදුනාට කමක් නෑ.... හෘද සාක්ශියට අවංකනම් 😌😌😌 සමහරවෙලාවට අපි නිවැරැදි උනත් අපිව වැරදිකාරයා කරන්න හදනකොට අපි කලබල වෙනවා,කේන්ති යනවා,ඇඬෙනවා. ඒ වෙලාඅට කියන්න යන දේ නෙවෙයි කියවෙන්නෙ. ඒ වෙලාවට කරන්න යන දේ නෙවෙයි කරන්නෙ.ඒ වෙලාවෙ අහන්න යන දේ නෙවේ ඇහෙන්නෙ.කොටින්ම වචන කරගන්න බැරි ගොඩක් දේවල් අපේ හිත අස්සෙ පිරිලා එළියට එන්න පොරකනවා. ඒ වෙලාවට අපි කරන අපිට පහසුම දේ තමයි අදාල මිනිස්සු එක්ක රන්ඩු කරන එක.ගොඩක් වෙලාවට අපි රන්ඩු වෙනවා,බනිනවා,කුනුහරප කියනවා,එල්ලි එල්ලි යනවා,ආයෙම නිවෙනවා,එතකොට හිතෙනවා අපි කලබල උනා නේද කියලා පස්සෙ ආයෙම ප්‍රශ්නෙ කතා කරන්න යනවා.එතකොට ආයෙම එයාලගෙ වචන අහල අපිට රිදෙනවා.එතකොට වෙන්නෙ ආයෙ ආයෙ රන්ඩු වෙන එක මම කියන්නෙ කොච්චර අමාරු උනත් හොඳම දේ තමයි අපි නිවැරැදි වෙලත් අපි වැරදි කරන්න හදන මිනිස්සු ඉස්සරහ නිහඬ වෙන එක.පලවෙනිම දේ තමයි උන්ට ඕන ඇත්ත තේරුම් අරගෙන උඹ එක්ක ඉන්න නෙවේ.උඹව වැරදිකාරයා කරලා උඹෙන් අයින් වෙන්න උන් බයයි ප්‍රශ්න කතා කරන්න උන් බයයි ඇත්ත පිලිගන්න උන් බයයි යතාර්තයට මූන දෙන්න උන් බයයි උඹේ ප්‍රතිපත්ති වලට උඹ කොච්චර අසීමාන්තිකව ආදරේ කරත්,උඹ කැප උනත්,උඹ කොච්චර අවංක උනත්,...

වතුර වීදුරුවේ කතාව

Image
වතුර වීදුරුවේ කතාව  සිතන්න,වතුර වීදුරුවක් ඔබට දී එමගින් වතුර නොබී එය ඔබට එකම ඉරියව්වෙන් අල්ලාගෙන සිටින්න කියලා කවුරු හෝ කීවොත්, එවිට ඔබ මෙම අභියෝගය භාර ගන්නවාද?, ඔබට පුළුවන් වේවිද එකම ඉරියව්වෙන් එය අල්ලාගෙන සිටින්න. ඔබ ඊට උත්සාහ කරාවී, ඔබ එය විනාඩි කිහිපයක් අල්ලාගෙන සිටීවී, නමුත් පසුව ඔබේ අත වේදනාව ට පත් වේවී. එවිට ඔබ එම වතුර වීදුරුව පසෙකින් තබනවා නේද? ඔබ තවදුරටත් එය වේදනාවක් ලෙස දරන්න සූදානම් නැහැ නේද? කවුරුන් හෝ කිව් පලියට ඔබ එය දිගටම අල්ලාගෙන සිටින්න සූදානම් නැහැ නේද?, එසේනම් ඔබ ඇයි කිසිවකුත් මත පාලනය වෙන්නේ, ප්‍රශ්න ඇයි ඔබ ඔබේ කරගෙන ජීවත් වෙන්නේ, රිඳීම් ගෙන දෙන බැඳීම් ඇයි තව දුරටත් ඔබ අල්ලාගෙන සිටින්නේ, වතුර වීදුරුව නිසා ඔබේ අත වේදනාවට පත් උණා. එම නිසා වතුර වීදුරුව පසෙකින් තබා අත සැහැල්ලු කර ගත්තා. එසේනම් ඔබේ ජීවිතයට එන විසඳුම් නැති ප්‍රශ්න අල්ලාගෙන සිටීමෙන් වළකින්න. වේදනාවන් ගෙන දෙන බැඳීම් අතහරින්න. ජීවිතයේ සැහැල්ලු බව අත් විඳින්න. විශ සහිත මිනිස්සුන්ගෙන් ඔබ ඈත් වෙන්න. ඔබට වටිනාකමක් දෙන අය සමඟ ඔබ එකතු වෙන්න. ප්‍රතික්ෂේප කරන මිනිස්සු පසුපස හඹා නොයන්න. සැහැල්ලුවෙන්, සතුටින් ජිවි...

මිතුදම ❤️💥❤️

Image
  මිතුදම්   ❤️💥❤️👩‍❤‍👩👩‍❤‍👩👩‍❤‍👩 අදුරුම තප්පරෙත් අත් නොහැරි... සොඳුරුම තප්පරෙත් මග නොහැරි..... මිතුරුම හිත නුඹයි සසර  සැරි..... මිහිරිම කවියකත් ලියනු බැරි.... සදා නොවෙනස්... සොඳුරු මිතුදම් ... බදා සිරකර ගමි... වදා එක කුස ... නොවාවත් අප... සදා පවුලක් මෙනි.... ❤️❤️ආදරෙයි❤️❤️

තිස්සමහාරාම රජමහා විහාරය

Image
  තිස්සමහාරාම රජමහා විහාරය තිස්සමහාරාම රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුල තිස්සමහාරාමයේ පිහිටා තිබේ. විහාරය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී රහුණේ කාවන් තිස්ස රජු විසින් ඉදිකරවන ලද්දකි. මෙම තිස්සමහාරාම පුදබිම, බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලත් පුදබිමක් ලෙස සැළකෙයි.  හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම නගර මධ්‍යයයේ තිස්සමහාරාම වැවට ආසන්නව පිහිටයි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී දකුණු පළාතේ රජකළ කාවන්තිස්ස රජතුමා විසින් ඉදිකර ඇතැයි සැලකේ. මෙය ශ්‍රී ලංකාවේ පිහිටි විශාලත ම දාගැබ් අතුරින් එකකි. තිස්සමහාරාම රජ මහා විහාර පරිශ්‍රයේ ඉදිකොට ඇති තිස්සමහාරාම දාගැබ, ශ්‍රී ලංකාවේ නිර්මාණය කොට ඇති විශාලතම දාගැබ් අතුරින් එකක් වෙයි. එය බුබ්බුලාකාර හැඩයෙන් නිමවා ඇත. බෞද්ධයන් විසින් බුදුන්ගේ පාද ස්පර්ශය ලද සොළොස්මස්ථානයන් ගෙන් එක් ස්ථානයක් ලෙස තිස්සමහාරාමය හැඳින්විය හැක. කාවන්තිස්ස රජු කරවූ බවට මහාංශයේ සඳහන් සිලාපස්ස පිරිවෙණ සහිත විහාරය තිස්සමහාරාමය ලෙස පිළිගැනේ. නමුත් හෙන්රි පාකර් මහතාගේ පිළිගැනීම වන්නේ මහානාග රජු තිස්සමහාරාම දාගැබ නිර්මාණය කළ බවයි. මහා වංශයට අනුව ඉලනාග රජු (ක්‍රි.ව. 35-44) ත...

පිස්සු නටපු ඒ කාළේ 😜😜

Image
පිස්සු නටපු ඒ කාළේ 😜😜 පන්තියේ පාඩමෙත්... ඉස්කෝලේ කැන්ටිමෙත්... නිතර බ්ලැක් ලිස්ට් වෙච්ච... නැහැදිච්ච උන් අතර අපි හිටියෙ ඉහලින්ම .... මතකයිද බන් උබලාට අපි කරපු කුප්ප වැඩ.... අපි එකට හිටියොතින් එතන මර උගුලක්ය.... අඹ ,දොඩම්,සියඹලා අපෙ ගමේ එමටය.... පොලු ගහලා හොරට කෑ අඹ තාම මතකයිද .... වලි අස්සෙ ඒකෙනුත් ගත්තේ අපි ආතල්ය.... අනේ බන් මට ආයේ ඒ කාලේ අවැසිය.... ගෙවුන ඒ අතීතය සිහි උනත් සැම විට.... අද උබලා අපි ඉන්නෙ පාරවල් ගොඩකය.... හමු උනත් සමහරුන් මගතොටදි හදිසියෙන් .... සිහිවෙනවා බන් තාම අපි නටපූ නාඩගන්....